lakdivapuvatha.org

CUP Educational Project

Lakdiva Puvatha 90

90

හයවන දප්පුල රජුගේ කාලයේදී ඉන්දියාවේ පඬි රටේ රජු සෝළි රජුට බියෙන් තමාගේ රට අත්හැර ලක්දිවට ආවා. සෝළි රජ පරාජය කර රටවල් දෙකම පඬි රජුට ලබා දෙන්නට සිංහල රජු සුදානම් වුවත් රටේ අධිපතියන් ඊට විරුද්ධ වුණා.

තම නිසා අනවශ්‍ය ආරවුලක් ලක්දිව තුල ඇතිවන බව තේරුම්ගත් පඬි රජු තමාගේ ඔටුන්න ඇතුළු රාජකීය භාණ්ඩ මෙහි දමා කේරල දේශයට පලා ගියා.

During the regime of king Dappula – VI, the ‘Pandi’ king of India gave up the rule of his country and came to Sri Lanka in fear of king Soli. Although the Sinhala king wanted to defeat king Soli and handover the rule of both countries to the ‘Pandi’ king, the chiefs of Sri Lanka was against it. Realizing that it would create an unwanted disruption in the country the Sinhala king gave up his throne and fled to the state of ‘Kerala’.

 

Lakdiva Puvatha 89

89

දෙවන සේන රජතුමා පඬි රටට යුද්ධ පිණිස යාමට සේනා රැස් කරන අතරේ සිංහල රජුගේ ආධාර පතා පඬි රටේ කුමරෙක් ලක් දිවට  ආවා. ඔහු ද ආපසු යැවීමට දෙවන සේන රජතුමා සමත් වුණා.

සිංහල සේනා සමඟ පඬි රටට ගිය සිංහල සෙන්පතියාට යුධ කර පඬි රට අත්කර ගැනීමට හැකිවුණා.

While king Sena – II, who came to power next was organizing troops to battle against India a prince from India came in search of help from him. The king was able to tactfully send him back.

The Sinhala General, who went to India with his troops battled the enemy and took over the power of India to his control.

 

Lakdiva Puvatha 88

88

ඉන්පසු ශිලාමේඝ රජු(සේන රජු)අනුරාධපුරයට පැමිණ වාසය කලා. ඔහු තම නෑදැයන්ටත්, මහජනතාවටත්, භික්ෂුන්ටත් විවිධාකාරයෙන් සංග‍්‍රහ කලා. ඔහු තම රාජ්‍යයෙන් විසිවෙනි වර්ෂයේදී පරලෝ සැපත් වුණා.

After the departure of Waragunawarman, king Sena – 1 came back to live in Anuradhapura. He treated the monks, the public and his relations in many ways and took care of them. The king passed away in the 20th year of his regime.

 
  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »
Page 1 of 30

පිවිසුම ලක්දිව පුවතට

පිවිසුම ලක්දිව පුවතට

lakdevapuvathaඉතිහාසය ඕනෑම කෙනෙකුගේ අනන්යතාවය තහවුරුකර ගැනීමට ප්රබල සාධකයක් වේ. රටක ඉතිහාසය ගවේශනය කිරීමෙන් ද එම රටේ දියුණුව, ආවේණික ගතිලක්ෂණ සහ රට මුහුණ පෑ අතීත අත්දැකීම් අවබෝධ කර ගත හැක. රටක වර්තමානය සාර්ථක කර ගැනීමට නම් විශේෂයෙන්ම එරට ජනතාව රටේ ඉතිහාසයමැනවින් අධ්යයනය කර තිබිය යුතුය. ‍‍ ‍

ශ්රී ලංකාවේ ත් එහි වසන ජනතාවගේ ත් අතීත තොරතුරු දැනගැනීමට ඇති ප්රධානම ඉතිහාස ග්රන්ථය මහාවංශය බව අපි දනිමු. ලොව අන් රටකට නොමැතිවසර දෙදහස් පන්සියයකට අධික ඓතිහාසික සිදුවීම් මාලාවක් ඇතුලත් මහා වංශ කතාව අපි මෙසේ අපේ ලක් දූ පුතුන් වෙතට ඉදිරිපත් කරමු. ‍‍‍